වව්නියාව තෙල් හිඳින කර්මාන්තශාලාවක ගින්නක්

Share

වව්නියාව, වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තෙල් හිඳින කර්මාන්තශාලාවක ඊයේ (04) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශ වි ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

පොලීසිය සැක පළ කරන්‌නේ විදුලි කාන්දුවක් ගින්නට හේතුවි ඇති බවයි.

කර්මාන්ත ශාලාවේ පැවති තෙල් හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් පැතිරගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.

Read more

Local News