ප්‍රථම වරට මෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට අංග සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක්

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙරට කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා සකස් කරන ලද අංග සම්පූර්ණ කෘෂිකර්ම සංවර්ධන ජාතික කෙටුම්පත ඊයේ (04) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බාර දෙනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දායකත්වයෙන් සකස් කරන ලද මෙම ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත ප්‍රථමයෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
මින් පෙර පැවැති ජාතික ප්‍රතිපත්තිය වර්තමාන කෘෂි ක්ෂේත්‍රයට ගැලපෙන පරිදි සකස් කර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අවස්ථා කිහිපයක දී ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ ආරක්ෂාව සහතික කරලීම සඳහා සහ මෙරට කෘෂිකර්මාන්තයේ තිරසාර සංවර්ධන ඉලක්කයන් ජයගැනීම ඉලක්ක කර ගනිමින් සකස් කරන ලද මෙම ජාතික ප්‍රතිපත්තිය තුළින් වගා ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, වෙළෙඳපොල පවතින තරගකාරිත්වය තුළින් ගොවි ජනතාවට යහපත් ආර්ථික මට්ටමක් ළඟා කර දීමත් මෙමඟින් ඉලක්ක කර තිබේ.

Read more

Local News