නිරිත දිග මෝසම සක්‍රීය ව‌ෙ‌යි – මුහුදු ප්‍රදේශවල සුළං තත්වය‌ේ වැඩිවීමක්

Share

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය ඉදිරි දින කිහිපයේදී හ‌ෙට (06) සිට වැඩි විය හැකිි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතිනු ඇත.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

අම්පාර, බදුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැක.

දකුණු පළාතේත් මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

Read more

Local News