කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 70255 කට පොහොර සහනාධාර ලබා දීමට කටයුතු කරයි

Share

2018 යල කන්නය සදහා කුඹුරු හෙක්ටයාර 70255කට පොහොර සහනාධාර ලබා දීමට කටයුතු කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.ජී. හරිස්චන්ද්‍ර මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දි ප්‍රකාශ කළේ ය.

මේ අනුව මහා වාරි යටතේ කුඹුරු හෙක්ටයාර 13699 ක් ද සුළුවාරි යටතේ කුඹුරු හෙක්ටයාර 32271 ක් වර්ෂාපෝෂිත යටතේ කුඹුරු හෙක්ටයාර 24284 ක් ද වශයෙන් මෙසේ පොහොර ලබා දීමට කටයුතු කර ඇත.

මෙම වැඩසටහන යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 13083 ක් ද ටී.එස්.පී පොහොර මෙට්‍රික් ටොන් 3148 ක් ද එම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 3621 ක් ද වශයෙන් පොහොර මෙට්‍රික් ටොන් 19853 ක් ලබා දීමට කටයුතු කර ඇත.

Read more

Local News