ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු කහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කරයි.

කහවත්ත පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අටකලන්පන්න ප්‍රදේශයේ දී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනිඅවියක් සහ ටී – 56 ජීව උණ්ඩ තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම සැකකරු විසින් නිෂ්පාදනය කර අලෙවි කළ තවත් බෝර 12 පතරොම් ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයෙකු කහවත්ත, කහවතුකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද (05) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News