ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගමේ සාක්ෂි විමසීමේ දෙවන දිනය අද

Share

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා මිහින් ලංකා ගුවන් සමාගමේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසම සාක්ෂි විමසීම 04දා ආරම්භ කළ‌ේ ය.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ දෙවන දිනටත් අද (06) සිදු කරයි.

සමාගම් රෙජිස්ටාර්වරයා සහ එහි නිළධාරියෙකුගෙන් අද දිනයේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි.

 

Read more

Local News