ව්‍යවසායකයින් ජාත්‍යන්තරයට එසවීමට ”2025 දැක්ම” තේමාව යටතේ ජාතික ප්‍රදර්ශනයක්

Share

ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අපේක්ෂාවෙන් ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන්, රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන් ද සමඟ ඒකාබද්ධව සෑම පළාතක් ම ආවරණය වන පදි මාස 03කට වරක් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් ”2025 දැක්ම” තේමාව යටතේ පැවැත්වීමට රජය අපේක්ෂා කරයි.

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා
වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලාංකිකයින් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි. මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක් ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 03ක්, මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සළසන යෝජනා ක්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක්‍රම 16ක් යටතේ සහන සළසනු ලැබේ. ඒ අනුව මේ වනවිට 12,405ක් පමණ වන ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 30කට අධික අරමුදල් සපයනු ලැබ තිබේ.

Read more

Local News