කැලණිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Share

අද (06) උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා පැය 12 ක කාලයක් කැලණිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසු‌වේ කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව කැලණිය ප්‍රාදේශීය බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මෙලෙස ජල කප්පාදුව සිදු වෙනු ඇත.

මීට අමතරව ජා ඇල ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශය, කටුනායක හා සීදුව නගර සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ද ජල කප්පාදුව සිදු වෙනු ඇත.

Read more

Local News