ශ්‍රී ලංකාව ප්‍රතිශක්තීකරණයෙන් පළමු තැන

Share

ශ්‍රී ලංකාව ප්‍රතිශක්තීකරණයෙන් පළමු තැන සිටින අතර එය 99.9%ක් බවත් ඇමෙරිකාව දෙවැනි තැන සිටින්නේ 99.2කින් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

දකුණේ පැතිර යන උණ රෝගය හේතුවෙන් රෝගීන් 2510 දෙනෙකු රෝහල් ගත වූ බවත් ළමා මරණ 14 සහ වැඩිහිටි මරණ 01ක් වාර්තා වී තිබෙන බවත්  මේ වන විට රෝහල්ගතවීමේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් පුළුල් කර තිබෙන අතර ඒ සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් පවා යොදවා තිබෙන බව ද සඳහන් කළේය.

රෝග සඳහා ලබාදෙනු ලබන ඖෂධ සම්බන්ධයෙන් තනි තීරණය ගෙන කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා විශේෂඥ කණ්ඩායම් යොදවා කමිටු මඟින් ලබාදෙනු ලබන තීරණ අනුව කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය. දැඩි සත්කාර ඒකක පහසුකම් වැඩි කර තිබෙන අතර අමතර ස්වසන පහසුකම් උපකරණ 10ක් ද කරාපිටිය රෝහල වෙත ලබාදෙමින් අවශ්‍ය සියලු දේ කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Read more

Local News