අධික ලෙස පැනඩෝල් පෙති ආහාරයට ගත් කුඩා දරුවෙකු මරුට

Share

අධික ලෙස පැනඩෝල් පෙති ආහාරයට ගත් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා ව‌ෙයි.

පෙපර්මින්ට් යැයි සිතා අධික ලෙස පැනඩෝල් පෙති ආහාරයට ගත් කුඩා පිරිමි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව  අද (06දා) අලුයම මියගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

ම‌ෙ‌සේ මියග‌ොස් ඇත්තේ අවුරුදු 4 ½ වයසැති පිරිමි දරුවෙකි.

ඔහුව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News