ග‌ෝතමාලා‌වේ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 99ක් ‌‌දක්වා ඉහළට – කළින් දැනුම් නොදුන්නැයි බලධාරින්ට චෝදනා

Share

ග‌ෝතමාලා‌වේ ෆියුග‌ෝ ගිනි කන්ද සක්‍රිය වී ඇති අතර එය දශකයකට පසු එරට ඇති වු දරුණුතම සක්‍රිය වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්න‌ේ.

මේ වන විට ග‌ෝතමාලා‌ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළ ග‌ෙ‌ාස් ඇති අතර එරට මාධ්‍ය වාර්තා සඳහන් කළ‌ේ පුද්ගලයින් 99 ‌‌ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගෝතමාලාවේ ෆුයේගෝ ගිනිකන්ද පිපිරීමේ සිද්ධියේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක නොවූ බවට එරට හදිසි ප්‍රතිචාර දැක්වීමේ ආයතනයේ ප්‍රධානියාට චෝදනා එල්ලවී තිබෙන බවට වාර්තා ව‌ෙයි.

ම‌ෙම ගිනි කන්ද සක්‍රිය වී‌ම හ‌ේතුව‌ෙ‌න් පුද්ගලයින් 200 ද‌ෙන‌ෙකු අතුරුදහන් ඇති බවත් සඳහන් ව‌ෙයි.

Read more

Local News