නකල්ස් රක්ෂිත ආශ්‍රිත ඉඩම්වල කිසිදු ව්‍යාපෘති ආරම්භ කර නැහැ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Share

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, නකල්ස් රක්ෂිත ආශ්‍රිත ඉඩම්වල කිසිදු ව්‍යාපෘති ආරම්භ කර නැති බවයිි.

1992 එකට තිබූ වතු ඉඩම් අක්කර පන්ලක්ෂ හතලිස් දහසක් පමණ සමාගම් 19කට ලබා දුන් අතර ඉතුරු ඉඩම් සමාගම් ලබා නොගැනිම හේතුවෙන් එම ඉඩම් භාණ්ඩාගාර නඩත්තුව යටතේ පවත්වාගෙන යන බවත් වසරකට රුපියල් මිලියන 1000ත් 1500ත් අතර මුදලක් භාණ්ඩාගාරගෙන් එම වතු නඩත්තුවට ලබාගැනීමට සිදු වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කිසිදු වගාවක් නොකළ වතු ඉඩම්වල ආයෝජන අවස්ථා ඇති කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර මේ වනවිටත් බිම් අගලක්වත් ආයෝජකයින්ට ලබාදී නොමැති බවට සහතික වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩම් සඳහා යෝජනා 257ක් ලැබී තිබෙන බවයි. එම යෝජනා තුළ නකල්ස් රක්ෂිතය ඇතුළත කිසිදු යෝජනාවක් ලබාදී නැති බවත් එම යෝජනා වුවද තවදුරටත් අධ්‍යයනය කරනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම නකල්ස් රක්ෂිත ආශ්‍රිතව සිදු කරනු ලබන චෝදනා සියල්ල අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇතිව කරුණු ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා එම චෝදනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News