ජනපති ප්‍රධානත්වයෙන් ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්

Share

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ, ජාතීන් අතර සංහිදියාව සහ සහජීවනය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බවයි.
ස්ථීර සාර සාමය, සියලු ජන කොටස් අතර ඇතිවන අන්‍යොන්‍ය විශ්වාසය සමග ගොඩනැගෙන සංහිදියාව සහ සහජීවනය රටේ ජනතාවගේ මෙන්ම වත්මන් රජයේ ද අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළයුතු සියලු කැපකිරීම් රජයක් ලෙස සිදුකරන බව ද අවධාරණය කළේය.
ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක්විය.
අල්කුරානයේ සිංහල භාෂා කෘතියේ පළමු පිටපත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

Read more

Local News