මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාව

12

බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ.

සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය.

දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ.

නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය.

පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ.