සයිටම් විශ්වවිද්‍යාලයේ සිසුන් අන්තර්ග්‍රහණය කිරීමට සංශෝධන පනත් කෙටුම්පතක්

Share

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද (7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මඟින් පිහිටුවන ලද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

”මේ ආරක්ෂක විශ්වවිද්‍යාලය සංශෝධනයක් කර විශ්වවිද්‍යාලයක් කර තිබෙන්නේ. අලුතෙන් පනත් කෙටුම්පතක් හදලා තිබුනා, නව පනතක් ලෙස. එය ඉදිරිපත් කරන්නේ නෑ. සයිටම් විශ්වවිද්‍යාලයේ සිසුන් අන්තර්ග්‍රහණයක්  කිරීම සඳහා වන සංශෝධනයක් පමණයි මෙම සංශෝධනයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ. කිසිම ගැටළුවක් නෑ. සාකච්ඡා කර එකඟ වූ විසඳුමක් අනුවයි මෙය සිදු කරන්නේ. වගකිව යුතු පාර්ශව සියල්ල එකඟ වී තිබෙනවා” යැයි ද සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසී ය.

Read more

Local News