බස් රථයක ගැටී සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

Share

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අද (08) අලුයම බස් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ පදිංචි කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ සේවයේ නියුතු අයෙකු බවයි.

මුලතිව් සිට මහනුවර බලා ධාවනය වූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස ප්‍රදේශයේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයා   පොලිස් නිලධාරීන් විසින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News