පොල් හිඟයට අයහපත් කාලගුණය හේතු වී ඇත- අමාත්‍ය දයාසිරි ජයසේකර

Share

මේ දිනවල පවතින පොල් හිඟය සඳහා පසුගිය කාලයේ ඇති වූ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ නියඟ තත්ත්වය හේතු වී ඇතැයි ද මේ වන විට පවතින තත්ත්වය අනුව ඉදිරියටත් මෙම අර්බුදය පැවතිය හැකි බව ක්‍රීඩා අමාත්‍ය හා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

පඬුවස්නුවර ඇතුළු තවත් ආසන දෙකක පමණ පොල් ගස් ලක්ෂ 2ක් පමණ විනාශ වී ඇතැයි ද පඬුවස්නුවර ආසනයේ පමණක් පොල් ගස් 30,000ක් පමණ විනාශ වී ඇතැයි ද පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා එම පොල් ගස්වලින් නැවත ගෙඩි ලබාගැනීම සඳහා දින 45ක් පමණ ගත වන බවත් පෙන්වාදුනි.

 

 

Read more

Local News