ජනපති ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

Share

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊ‌යේ (08) පෙරවරුවේ සිදුවිය.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මිණි විද්‍යානි ලියනගේ දැරියගේ ආරාධනාව පරිදි ඊ‌යේ (08) එම විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය.

විද්‍යාල පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකයට ද පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දෙනු ලැබීය.

ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.

ශිෂ්‍ය භට වාර්ෂික ඇගයීම් කදවුරේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම වෙත සහතික පත් ප්‍රදානය කිරීම සහ 2018 සමස්ත ලංකා නැටුම් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

නෙත්මිණි විද්‍යානි ලියනගේ දැරියට ද ජනාධිපතිතුමා අතින් තිළිණයක් පිළිගැන්වුණු අතර විදුහල්පති ඩී.එම්. රණතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

Read more

Local News