ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක් – දිලිප් වෙදආරච්චි මහතා

Share

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා බලාපොරොත්තු වෙයි.

2018 අයවැය මගින් රජය හදුනවා දුන් “ නිල හරිත ” අයවැය සහ 2016 වසරේදී ධිවර ක්ෂේත්‍රයට හදුන්වා දුන් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යථාර්තයක් කර රටට ජනතාවට සේවය කිරීම පෙරදැරිව කිසිදු ප්‍රමාදයකින් තොරව මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට සියළු කටයුතු කරන බව දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි.

ඉවතලන මත්ස්‍ය කොටස් හේතුවෙන් විශාල පාරිසරික ගැටළු මතුව තිබේ. ඇතැම් පළාත් පාලන ආයතන වලටද ඉවත ලන මෙම මත්ස්‍ය කොටස් සෞඛ්‍ය ආරක්‍ෂිතව බැහැර කිරීම පිළිබද ගැටළුවට මුහුණ දී සිටිති.

නව වැඩපිළිවෙලත් සමග සත්ව ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය පුළුල් කරමින් එමගින් නව රැකියා මෙන්ම නව ආදායම් උත්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ඒ මහතා අඳහස් කරයි.

ලංකා ධිවර වරාය නීතිගත සංස්ථාවේ සංඛ්‍යා ලේඛනවලට අනුව බේරුවල, කුඩාවැල්ල, මිරිස්ස සහ පුරාණ වැල්ල ධිවර වරායන් ආශ්‍රිතව පමණක් දිනකට ඉවත ලන මත්ස්‍ය කොටස් ප්‍රමාණය කිලෝ පන්දහසත් හත්දහසත් අතර වේ. ඒ අනුව සමස්තයක් ලෙස දිනකට ලංකාවේම දෛනිකව මත්ස්‍ය කොටස් ටොන් ගණනාවක් සාගරයට සහ පරිසරයට එක් වේ.

ඉවත ලන එවැනි විශාල මත්ස්‍ය කොටස් හේතුවෙන් සාගර සම්පතට මෙන්ම ධිවර වරායන් ආශ්‍රිත ප්‍රදේශවල මතුව ඇති පාරිසරික ගැටළු පිලිබදව මෙන්ම එම පාරිසරික ගැටළු විසදමින් පරිසරයත් සාගරයත් ආරක්ෂා කරගැනීමේ වැදගත් කම පිළිබදව අවධනය යොමුව ඇත.

Read more

Local News