15 වන ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

15 වන ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දරනු ලබන අතර සමුළුව අද සිට ජූනි 13 වන දින දක්වා කොළඹ දී පැවැත්වෙයි.

විදුලි සංදේශ සහ තොරතුරු සංනිවේදන තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ නියාමකයන්ට විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ සිදුවන වෙනස්කම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් මුහුණදීමට සිදුවන ගැටලු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම සඳහා පොදු වේදිකාවක් සැපයීම මෙම සමුළුවේ අරමුණයි.

ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ සාමාජිකයින්, ආශ‍්‍රිත සාමාජකයින්, අනුබද්ධ සාමාජිකයන් සහ ජාත්‍යන්තර කලාපීය සංවිධාන සාමාජිකයන් මෙම සමුළුව සඳහා එක්ව සිටී.

 

Read more

Local News