හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා වෙයි

Share

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සිට නුවරඑළිය දක්වා ස්ථාන කිහිපයකම තවදුරටත් ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම රථ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා කර ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ පස්කඳු කඩා වැටෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

රථවාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමාකර ඇති පස් කඳු කඩා වැටුණු  ස්ථානවල රථවාහන ධාවනය කිරිමේදී සැළකිලිමත් ලෙස ඉවසීමෙන් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News