ජනරජයේ 2017 මූල්‍ය තත්ත්ව වාර්තාව එළිදැක්වේ

Share

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වාර්ෂික විසර්ජන පනත මගින් මධ්‍යම රජයේ ආයතනවලට මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට ලබාදෙන අයවැය ප්‍රතිපාදනවලට අදාළ වියදම් ඇතුළත් කර සකස් කර ඇති ජනරජයේ මූල්‍ය ප්‍රකාශන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2017 වාර්ෂික වාර්තාවේ එළි දක්වා ඇත.

2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ සහ අනෙකුත් ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුව ජනරජයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කෙරෙන අතර රජයේ බදු හා බදු නොවන ආදායම, පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම්, වාර්ෂික අයවැය හිඟය හා එම අයවැය හිඟය දේශීය හා විදේශීය ණය මූලාශ්‍රවලින් මූල්‍යයනය කළ ආකාරය දැක්වෙන මූල්‍ය කාර්යසාධන වාර්තාවක් මෙම වාර්තාවට අන්තර්ගත වේ. තවද, මූල්‍ය ගනුදෙනුවලින් පැනනගින වත්කම් හා වගකීම් නිරූපණය කරමින් වර්ෂය අවසාන දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ද, වර්ෂය තුළ ජනරජයේ අරමුදල් ගලාඒම හා ගලායාම ඇතුළත් මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශයක් ද අන්තර්ගත වේ.

Read more

Local News