බදුල්ලට මහල් දෙකකින් සමන්විත මෝටර් රථ අංගනයක්

Share

බදුල්ල නගරය තුළ දැඩි අඩුපාඩුවක්ව පැවති වාහන අංගණයක අවශ්‍යතාවය සපුරාලමින් ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 95ක වියදමින් ඉදිකළ එකවර වාහන 200 ක් පමණ ගාල් කර තැබිය හැකි මහල් දෙකකින් සමන්විත මෝටර් රථ අංගනයක් අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

බදුල්ල නගරයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවු ජනාධිපතිතුමා එහි නව මාර්ග සංඥා පද්ධතිය ද විවෘත කරනු ලැබීය.

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන,  ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක්  මෙම අවස්ථාවන් සදහා එක්ව සිටියහ.

 

 

Read more

Local News