විධිමත් පරිපාලනයක් තුළින් අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ආයතනයක් බවට පත් වෙයි

Share

කුරුණෑගල, මූකලන්යාය තක්සලා මහා විද්‍යාලයේ නව ප්‍රාථමික ක්‍රියාකාරකම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ,

විධිමත් පරිපාලනයක් තුළින් අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ආයතනයක් බවට පත්කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි.

පසුගිය රජයන් සමයේ දී ඇති වූ විවිධ අක්‍රමිකතා නවතාලමින් එම අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වීම අරම්භ වූයේ වත්මන් රජය යටතේ බවත්, ඒ සඳහා තමා මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් ද සිය උපරීම කැපවීම ඊට ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Read more

Local News