විදුලි ඉංජීනේරුවෝ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දමයි

Share

පසුගිය මස 08 වන දින සිට සිදු කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

විසි අවුරුදු අඩු වියදම් විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන බවට මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වී තිබෙන බැවින් මෙසේ වෘත්තීය ක්‍රියා මාර්ගය නැවැත්වු බව එම සංගමයේ කමිටු සාමාජික ඉංජිනේරු අතුල වන්නිආරච්චි සඳහන් කළේය.

එසේම අද (12) සවස 4.00 නොරොච්චෝලේ බලාගාරය නවතා දැමීමට තීරණය කර තිබූ බවත් එම ක්‍රියාමාර්ගයද අත්හිටුවන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Read more

Local News