දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්

Share

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළ නිවේදනය දැක්‌වෙයි.

සබරගමුව, මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු-මැද පළාතේත් සහ පුත්තලම, මාතලේ, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි ය.

Read more

Local News