රජයේ ඉඩම්වල දීර්ඝකාලීන ජීවත්ව සිටින පදිංචිකරුවන්ට කඩිනම් හිමිකම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක්

Share

රජයේ ඉඩම් සංවර්ධනය කර වගාකටයුතු කරමින් දීර්ඝ කාලයක් එහි ජීවත්ව සිටින පදිංචිකරුවන්ට කඩිනම් හිමිකම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් ඉඩම් අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂෂිත මෙම කඩිනම් වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අද (14) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාතය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ වතුරවිල ග්‍රාමයෙන් ආරම්භ කෙරේ.
මෙහි ප්‍රථම පියවරේදී රෑකඩහේන, තිබ්බොටුවාව, වතුරවිල, කහදූව සහ අම්බන ග්‍රාමසේවා වසම්වල ජීවත්වන ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදිමේ ජාතික වැඩසටහනට සමඟාමීව ක්‍රියාත්මක මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ ඉඩම් ගැටළුවලට සම්බන්ධ ඉඩම් අමාත්‍යංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආයතනවල වගකිවයුතු නිලධාරීන් එකම ස්ථානයක රැස්ව පදිංචිකරුවන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමයි.

Read more

Local News