මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් ලක්ෂයක් මිල දී ගැනීමට උපදෙස්

Share

කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට නිසි මිලක් නොලැබීම නිසා මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් පමණ ගොවීන්ට අළෙවිකර ගැනීමට නොහැකිව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තා වී ඇත.

අද දින (14) පෙරවරුවේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දී පැවති රැස්වීමකට සහභාගී වූ අමාත්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් සතු එම මඤ්ඤොක්කා තොග වහාම මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා හදබිම අධිකාරියෙහි සභාපති ඉන්දික ගුරුගේ මහතාට උපදෙස් දෙනු ලැබීය.

අතරමැදියන් විසින් ගොවීන්ගේ නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා අතර පාරිභෝගිකයන්ට සහන මිලක් යටතේ එම මඤ්ඤොක්කා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.

මෙම මඤ්ඤොක්කා කි.ග්‍රෑ. ලක්ෂය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අවශ්‍යතාවය පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබාදීමට ද හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මෙම පියවර වහාම ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබීය

Read more

Local News