ගාල්ලේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල වෙනුවෙන් රුපියල් මිලියන 94ක මුදලක්

Share

2018 වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම වෙනුවෙන් පසුගිය අප්‍රේල මස වන විට රුපියල් මිලියන 94ක මුදලක් වැය කොට ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මුල් විය සංවර්ධන ඒකකය පවසයි.

මේ අනුව ජනවාරි පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මස වන විට ගර්භනි මාතාවන් 11500කට ආසන්න පිරිසක් සඳහා මෙම පෝෂණ මලු දිමනාව ලබා දි ඇති බව දිස්ත්‍රික් මුල් විය සංවර්ධන ඒකකය පෙන්වා දෙයි.

එක් පෝෂණ මල්ලක වටිනාකම රුපියල් 2000ක් වන අතර ගර්භණී සමය ගෙවෙන මාස 10ක කාල සිමාව තුළ මෙම සහනය ලබා දිම රජය විසින් සිදු කරනු ලබයි.

මේ අනුව 2018 ජනවාරි පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසයන් හිදි, පෝෂණමලු 47309ක් මෙලෙස දිස්ත්‍රික්කය තුළ බෙදා හැර තිබෙන බව දිස්ත්‍රික් මුල් විය සංවර්ධන ඒකකය පෙන්වා දෙයි.

මෙම පෝෂණ මල්ල වැඩසටහන 2015 වසරේ සිට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අඛන්ඩව ක්‍රියාත්මකය.

Read more

Local News