මෙවර ශ්‍රී ලංකාවේ වාර්ථාගත අඹ අස්වැන්නක්

Share

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලැබෙන අඔ අස්වැන්න ප්‍රමාණය අඹ ගෙඩි මිලියන 200 කි. නමුත් මෙවර අඹ වාරයේදී වාර්ථාගත අඹ අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පශ්චාත් අස්වැන්න කළමණාකරන ආයතනය පවසයි.

මහනුවර බෝගහකන්ඳ අඹ සැකසුම් කලාපයේ කටයුතු සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී විය. මේ වන විට කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක පශ්චාත් අස්වනු කළමණාකරණ ආයතනය යටතේ අඹ සැකසුම් කලාප 08ක් පිහිටුවා ඇත. යාපනය, අනුරාධපුර, අම්පාර, මහනුවර බෝගහකන්ඳ සහ පේරාදෙණිය, වැල්ලවාය වැනි ප්‍රදේශ කීපයක තිබෙන මෙම අඹ සැකසුම් කලාපවල දිනකට ඉදවා සකස් කෙරෙන අඹ ප්‍රමාණය අඹ ගෙඩි මිලියන 15කි.

මෙම ගුණාත්මක බවින් හෙබි අඹ වෙළඳපලට යොමු කෙරෙන අතර දැනට වෙළඳපලට ඇතැම් ව්‍යාපාරිකයින් විසින් සපයන අඹ ඉදවීම සඳහා එතරල් නැමැති රසායනිකය යොදා ගනී.

නමුත් පස්චාත් අස්වනු කළමණකරණ ආයතනය විසින් විශේෂ කුටීර පද්ධතියක් ඇතගොවීන් වෙත හඳුන්වා දී තිබෙන අතර රුපියල් 70,000ක් පමණ වන මෙම කුටීර කෘෂිකර්ම අමාත්‍යංශය විසින් අඹ සැකසුම් කලාප වෙත ලබාදී තිබේ.

මෙම අවස්ථාවට සහභාගීවූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙන ලද්දේ සෙසු පලතුරු සදහාත් මෙවැන කලාප ස්ථාපිත කළයුතු බවයි. මෙම වසර තුළ වාර්ථාගත අඹ අස්වැන්නක් ලැබී ඇති අතර දැනට තිබෙන තොරතුරු අනුව අඹ ගෙඩි මිලියන 300 ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී ඇතැයි පසු අස්වනු කළමණාකරන ආයතනය සදහන් කළේය.

Read more

Local News