දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

Share

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ලැබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇඳ හැළෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News