පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල සහ නිල සෙවණ කාර්යාල හතරක් ජනතා අයිතියට

Share

පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභිනවයෙන් ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සහ නිල සෙවණ කාර්යාල හතරක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ඒ අනුව පෙ.ව.9.00 ට පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම, පෙ.ව. 11.30 ට උග්ගහකුඹුර නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, ප.ව. 12.30 ට ගොඩහේන නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, ප.ව. 3.30 ට අමුණුගම උතුර නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම සහ ප.ව. 4.45 ට හපුවෙල නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල සඳහා වත්මන් රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 138 ක් වන අතර නිල සෙවණ කාර්යාලයක් ඉදිකිරීම සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 20කි.

Read more

Local News