කුමන බලපෑම් එල්ල කළ ද සිය ඉල්ලිම් ලැබෙන තුරු තැපැල් වර්ජනය තවදුරටත්

Share

අද (19) දිනය තුළ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් තනතුර හැරගියා සේ සැලකෙන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා පෙන්වා දෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලු සේවකයින් අද දිනය තුළ සේවයට වාර්තා කළ යුතු බවයි.

තැපැල්පතිවරයා විසින් කුමන තීරණ ගනු ලැබුව ද තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් අඛණ්ඩව වැඩවර්ජනය ඉදිරියට ගෙන යන බවයි සඳහන් වන්‌නේ.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සදහන් කළේ කුමන බලපෑම් එල්ල කළ ද සිය ඉල්ලිම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Read more

Local News