2019 වර්ෂය‌ේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත් බාරගන්නා කාලය දීර්ඝ වෙයි

Share

2019 වර්ෂය‌ේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම් පත් බාරගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.‍‍

ඒ පවතින තැපැල් වර්ජනය හේතුවෙන් ම‌ෙම අයදුම් පත් බාරගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමට පියවර ග‌ෙන ඇත.

ඒ අනුව ජුනි මස 30 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය ජූලි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Read more

Local News