සමෘද්ධි සහනාධාරය නියම සුදුස්සාට ලබාදීමට කටයුතු කරනවා – අමාත්‍ය පී. හැරිසන්

Share

සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පැවසුවේ,

සමෘද්ධි සහනාධාරය නියම සුදුස්සාට ලබාදීමට කටයුතු කරන බවයි.

අගෝස්තු මාසයට පෙර අලුතින් ලක්ෂ දෙකකට සමෘද්ධි සහනාධරය ලබාදීමට කටයුතු කරගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළ අතර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් නියම සුදුස්සන්ට සමෘද්ධිය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News