රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක්

Share

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවේ විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා විසින් ආරම්භ කළේ ය.

මූල්‍ය පාලනයක් සඳහා කරක සභාවලට යම් නීතිමය බැදීමක් අවශ්‍ය බවත් ජනතාවගේ බදු මුදල් නිකරුනේ වියදම් කිරීමට එරෙහිව කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා සිය අඳහස් දැක්වීමේ
දී සඳහන් කළේ ය.

Read more

Local News