කාරකසභා වාර්තා විමර්ශනය කර අධිකරණය දක්වා ගමන් කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුයි – අමාත්‍ය නිරෝෂන් පෙරේරා

Share

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසු‌වේ,

කාරක සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් නොව තවදුරටත් විමර්ශනය කර අධිකරණය දක්වා ගමන් කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බවයි.

2016 වනවිට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ආයතන 837ක් විමර්ශනයට ලක් කළා. ආයතන 837ක් විමර්ශනය කිරීම ලේසි පහසු වැඩක් නොවෙයි. පරිගනකගත කරලා, ඇගයීමකට ලක් කිරීමට කටයුතු කළා.

ඇගයීම් තුළින් ආයතන 837ට ලකුණු ලබාදීලා, ප්‍රගතිය සාධරණ ලෙස සුබදායි මට්ටමකට ගෙන ඒමට හැකිවීම ගැන සතුටු වෙනවා. තාක්ෂණය භාවිතා කර වංචාව හා දූෂණය වැඩියෙන් සිදුවන ආයතනවල එම දූෂණය හා වංචාව අවම කරන්න කටයුතු කරන්න කියා තිබෙනවා.

බැදුම් කර සිද්ධියෙන් පසුගිය කාලයේ වංචා හා දූෂණ වසං කරන්න බෑ. මේවට ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු කර පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කර ඉදිරියට යා යුතු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News