අමෙරිකානු ජනපතිග‌ෙන් අභ්‍යාවකාශ හමුදා බලකායක්

Share

අමෙරිකානු ආරක්ෂක හමුදාවේ 06 වන බල ඇණිය අභ්‍යාවකාශ බලකායක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබ‌ෙන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමගින් ජාතික ආරක්ෂාව තහවුරු වන අතරම, රැකියා ජනනය කරමින් අමෙරිකානු ආර්ථිකය ද ශක්තිමත් කරනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

අමෙරිකාව අභ්‍යාවකාශයට පිවිසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එහි ආධිපත්‍යය පැතිර වීමට ද කටයුතු කළ යුතු බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

Read more

Local News