දිවංගත හිටපු ජනාධිපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්මාතෘ රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වනදා දිනය ජාතික නිවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත කොඩිය පැළඳවීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.