දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වු අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මරුට

Share

අද (20) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ 65 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වු වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර මෙම මාරක රිය අනතුරින් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් හා වයස අවුරුදු 4 ක කුඩා දැරියක් මිය ගොස් ඇත.
මාර්ගය අයිනේ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇති වෑන් රථය පෙරළී ගොස් අනතුරට පත්ව තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News