81 වැනි උදා ගම්මානය හෙට ජනතා අයිතියට

Share

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර “වෙහෙරපුර” හෙට (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.
මෙහි මුළු නිවාස ගණන 32කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“වෙහෙරපුර” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 6.67කි. සෑම නිවසකටම පර්චස් 20 බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

Read more

Local News