දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Share

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන බෞද්ධ දස සිල් මාතා ආයතන නමින් ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

ශ්‍රී ලංකාවේ දැනට දස සිල් මාතාවන් 4000ක් පමණ පිරිසක් වැඩ වසන අතර එම සිල් මාතාවන්ගේ අධ්‍යාපනික කටයුතු සිදු කරනු ලබන්නේ ස්වේච්ඡා ආයතන කිහිපයක් මගිනි.

එම ආයතනවලට අවශ්‍ය සහය සහ අනුග්‍රහය රජය මගින් ලබා දීම සදහා 1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරගෙන යන අතර එතෙක් දස සිල් මාතාවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා එම ආයතන ලියාපදිංචි කිරීමට යන බව අධ්‍යාපන අමාත්‍යවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක් වේ.

Read more

Local News