නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් – දිස්ත්‍රික්ක කිහිපයකට තරමක තද සුළං

Share

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (22) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද සුළං (පැ.කි.මී. 40-50පමණ) ඇති විය හැක.

Read more

Local News