ජලජ පැලැටි වගාව ව්‍යාප්ත කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් – අමාත්‍ය දිලිප් වෙදආරච්චි

Share

ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින, විශාල විදේශ විනිමයක් රටට හිමිකර දිය හැකි ජලජ පැලැටි වගාව ව්‍යාප්ත කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ඒ සදහා වැඩපිළිවෙල කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළ‌ේය.

මෙමගින් සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගැනීමට හැකිවන බවද සදහන් කළ දිලිප් වෙදආරච්චි මහතා එම වැඩපිළිවෙල ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට ඉදිරිපත් කර අවශ්‍ය සහය ලබාගැනීමටද කටයුතු කරන බව සදහන් කළේය.

Read more

Local News