වාකරෙයි ප්‍රදේශයේ අක්කර 500 ක කොළ පිපිඤ්ඤා වගාව ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර

Share

යුද්ධයෙන් සහ සුනාමි ව්‍යසනයට ලක්ව හානියට පත් වාකරෙයි ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අක්කර 500 ක, ගොවීන් 500 කට කොළ පිපිඤ්ඤා වගාව ප්‍රචලිත කිරීමට සඳහා ලෝක බැංකු සහය පළවී ඇත.

මෙම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව‌ෙයි.

ඒ අනුව එක් ගොවි මහතෙකුට අක්කරයක් බැගින් වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ අස්වනු හේලිස් (කෘෂිකර්ම) සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වසර 05 ක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

විශේෂයෙන් අපනයනය ඉලක්ක කරගනිමින් කොළ පිපිඤ්ඤා වගා කෙරෙන අතර වසරකට වාර තුනක් මෙම වගාව සිදු කළ හැකිය. එක් වාරයක දී එක් ගොවියෙකුට දළ වශයෙන් රු. 2,50,000 ක ආදායමක් උපයා ගත හැකි වේ.

සමස්තයක් ලෙස එක කන්නයකදී එක ගොවියෙකුගෙන් අපේක්ෂිත වගා ඉලක්කය කි.ග්‍රෑ. 10,000 කි.

කොළ පිපිඤ්ඤා වගා කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය හා උපදෙස් සමඟින් යුරෝපා, දකුණු ආසියානු රටවල් සහ මැදපෙරදිග වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Read more

Local News