කොල්ලකරුවන් පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් – පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

Share

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර අද (22) උදෑසන වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව පොලිසිය එම ස්ථානයට ගිය පසු මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව සඳහන් ව‌ෙයි.

මෙම වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙඩි තැබීම සඳහා කොල්ලකරුවන් පැමිණි යතුරු පැදි දෙකක් සහ ස්වයංක්‍රීය ගිණි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.

කොල්ලකරුවන් අතරින් එක් අයෙකුට ද වෙඩි තැබීම හේතුවෙන් තුවාල සිදුව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read more

Local News