සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය හෙට ආරම්භ ව‌ෙයි

Share

අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය (Relay Carnival- 2018) හෙට (24) අනිද්දා (25) සහ ලබන 26 දිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,000 කට ආසන්න සංඛ්‍යාවකගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත අතර වයස අවුරුදු 12,14, 16, 18 සහ 20 න් පහළ  වයස් කාණ්ඩවලින් තරග ඉසව් 38 ක් යටතේ පැවැත්වේ.

බාලක පාසල් 263 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4,200 ක් ද, බාලිකා පාසල්  225 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ  3,600 ක් ද මෙම තරගාවලිය සඳහා සහභාගිවිමට නියමිතය.

Read more

Local News