ජාතික බාලදක්‍ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියේ සමාරම්භක වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්

Share

ජාතික බාලදක්‍ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියේ සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට සහභාගි වූ බාලදක්‍ෂ කණ්ඩායම්, ජාතික බාලදක්‍ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය සංකේතවත් කරමින් කාර්යයේ යෙදුණ අතර ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා අතින් ඔවුනට තිළිණ පිරිනැමීමට කටයුතු කරන ලදී.

එම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක, ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න යන මහත්වරුන්, ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ නිලධාරීන් ඇතුලූ බාලදක්‍ෂයන් පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News