වධ හිංසාවට ලක්වූවන්ට සහය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් චිත්‍රපට උළෙලක්

Share

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වධ හිංසාවට ලක්වූවන්ට සහය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය 1997 වසරේ සිට, සෑම වසරකම ජුනි මස 26 දින සමරනු ලබයි.

මීට සමගාමීව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ද මෙම දිනය සැමැරීම සඳහා ” වධ හිංසාවට තිත ” යන තේමාව යටතේ වාර්ෂිකව වැඩසටහන් රැසක් පවත්වනු ලැ‌බේ.

මෙවර එම දිනය සැමැරීම සඳහා මානව හිමිකම් චිත්‍රපට උළෙලක් හා සාකච්ඡා මාලාවක් 2018 ජුනි මස 25 හා 26 යන දෙදින තුළ කොළඔ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී නොමිලේ පැවැත්වීමට තීරණය කර ඇත.

Read more

Local News