දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි සහ තද සුළං

Share

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ උතුරු-මැද පළාතේ සහ නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී. 40-50පමණ) ඇති විය හැක.

Read more

Local News